නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව න හපොලීසිය හා එක්ව 2026 ජූලි මස 24 වන දින පුත්තලම දළුව වෙරළ ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ තොගයක් සමග ලොරි රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව පුත්තලම දළුව වෙරළ ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ලොරි රථයක් (01) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ලොරි රථය තුල උර විස්සක (20) අසුරා තිබූ නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ, බීඩි කොළ කිලෝ ග්රෑම් අටසියකට (800) අධික තොගයක් සමඟ ලොරි රථය මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
