Spread the love

නේපාලයේ ඇති වූ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95 දක්වාත් , ආපදා තත්ත්වයෙන් තවත් පුද්ගලයින් 93 දෙනෙකු තුවාල ලබා ඇති බවත් , පුද්ගලයින්  විශාල ප්‍රමාණයක් අතුරුදහන්වී ඇති අතර ඒ අතර සංචාරකයින් 579 දෙනෙකු අතුරුදහන් වී බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදහන් වූ පිරිස අතර ඉන්දීය ජාතිකයින් 100ක්, ඇමෙරිකානු ජාතිකයින් 47ක් සහ එක්සත් රාජධානියේ පුද්ගලයින් 33 දෙනෙකු සිටින බව ද නේපාල සංචාරක අධිකාරිය ප්‍රකාශ කරන්නේ .

නේපාලයේ හිම කඳු ආශ්‍රිතව ඇති වූ භූකම්පන තත්ත්වයක් හේතුවෙන් හිම තට්ටුවල කොටසක් කඩා වැටීමෙන් මෙම හදිසි ගංවතුර හටගන්නට ඇති බවටයි දැනට සැක පළ කෙරෙන්නේ.

මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපා ඇති අතර, ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසක් විනාශ වී ගොස් තිබෙනවා. අතුරුදහන් වූවන් සොයා සහන කණ්ඩායම් තවදුරටත් සෙවුම් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ.