Spread the love


නිමල් රාජපක්ෂ

නොවැම්බර් 20 වෙනි දින ඊශ්‍රායල් රැකියා සදහා වෙබ් ද්වාරය විවෘත වන බවට විවිධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ප්‍රවෘත්තිය මුලුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

මෙය ජනතාව නොමග යවන හා ජනතාව අතර අසත්‍ය ප්‍රචාරය කිරීමට සිදුකරන ක්‍රියාවක් බවද කාර්යාංශය සදහන් කරයි.


ඊශ්‍රායල් රැකියා සදහා බදවා ගැනීම් සිදුකරනු ලබන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් වන අතර ඒ සම්බන්ධ තොරතුරු කාර්යාංශයේ නිල සමාජ මාධ්‍ය වන FaceBook, Youtube, Tik tok හා Instagram හරහා මෙන්ම නිල වෙබ් අඩවිය හා ජනමාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරනු ලබයි.
එබැවින් මෙම ව්‍යාජ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සමාජය අතර අසත්‍ය පතුරුවා නොසන්සුන්කාරී තත්වයක් ඇතිකරන පුද්ගලයන් සම්බන්ධයෙන් කාර්යාංශ විමර්ශන අංශය මගින් කටයුතු කරන බවද සදහන් කරයි.