පන්නල, කර්මාන්තපුරය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඔවුන් 46 සහ 39 යන වයස්වල පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වන බවයි පොලිසිය පැවසුවේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
පන්නල පොලිසිය සිද්ධිය පිළිබදව වැඩි දුරපරීක්ෂණ පවත්වයි.