Spread the love

බණ්ඩාරවෙල පල්ලියකන්ද ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස භූමියේ යළිත් කැණීමක් ආරම්භ කල බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසයි.

මුදා ගැනීමේ කැණීමක් ලෙස එය ක්‍රියාත්මක වෙයි.

පල්ලිය කන්ද මානව ජනාවාස භූමියේ කොටසක් බණ්ඩාරවෙල නගර සභාවේ සංවර්ධන කටයුත්තකට ලබාදීම සඳහා මෙම කැණීම ක්‍රියාත්මක වෙයි.

පල්ලිය කන්ද මෙරට එලිමහන් ජනාවාසයක් පිහිටි ප්‍රදේශයකි.

එබැවින් එය අතිශය වැදගත් පුරා විද්‍යාත්මක පරිශ්‍රයක් බව සභාපතිවරයා පැවසුවේය.

මෙම ජනාවාස භූමියේ පළමු වරට 1907 වසරේදී පළමු වරට කැණීමක් කර ඇතිබව වැඩිදුරටත් කීවේය.