Spread the love

දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉළක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම ට තෝරාගෙන ඇත එහිදි කොළඹ

දිවයිනේ ගම්මාන 85 තුළ මෙම වසරේ දී තැඹිලි පැළ 50,000ක් රෝපණය කිරීමට නියමිත අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස හෝමාගම දාම්පේ ගම තෝරාගෙන තිබේ.

ඒ අනුව දාම්පේ ගමේ ගොවි පවුල් සියයකට තැඹිලි පැළ බෙදා දීම අද දින (27) දාම්පේ බෝධිවර්ධනාරාමයේ දී සිදු විය. පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර තැඹිලි පැළ බෙදාදීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ජනමාධ්‍ය හා ප්‍රවාහන කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

දාම්පේ ගම තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස නම් කිරීම හා ගොවි පවුල් වෙත පැළ බෙදාදීම අමාත්‍යවරුන් අතින් සිදු විය. එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය මාධවී හේරත් හා සාමාන්‍යාධිකාරි අථිල විජේසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇතත්, මෙතෙක් ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.