නිමල් රාජපක්ෂ
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්ව දියත්කර ඇති ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ග්‍රාම සේවා වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සභා නියෝජනය කරන නියෝජිතයන් දැනුවත් කිරීමේ සමුළු මාලාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇත.
ඒ යටතේ කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික් ප්‍රජා සභා සභාපතිවරු හා ලේකම්වරුන් සඳහා ප්‍රජා සභාවක කාර්යභාරය හා නියෝජිතයන්ගේ වගකීම් පිළිබඳව විශේෂ දේශන හා වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් දැනුවත් කිරීමේ සමුළුව ඊයෙ (11) දින පෙරවරුවේ කිලිනොච්චිය නෙලුම් පියස ශ්‍රවණාගාරයේදී ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානතවයෙන් පැවැත්වුනා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කලේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ජාති ආගම් කුල භේද අමතක කර සියළුම දෙනා එක්විය යුතු බවයි, ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේ සිට ගමේ ජනතාව දක්වා විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා බැඳුනු වැඩපිළිවෙළක් ලෙස ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම සියළුම දෙනා එකිනෙකාට පැවරී ඇති වගකීම හඳුනාගෙන වැඩ කිරීම තුල පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට උරුමකර දීමට හැකියාව ලැබෙන් බවද ඒ මහතා සඳහන් කළා.
