Spread the love

තම පියාවන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පාසල් සිසුන්ට ලබා දුන් දිවා ආහාරය කප්පාදුවකට ලක් කර ඇති බව සමග ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අද වන විට ප්‍රාථමික අංශයේ සිසුන්ට පමණක් දිවා ආහාරය රජය විසින් ලබා දුන්නට එය ලැජ්ජාවට කාරණයක් බවත් හෙතෙම පැවසීය.

තම ආණ්ඩුවක් යටතේ මෙරට සමස්ත පාසල් සිසුන් හතළිස් එක ලක්ෂයටම දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ තංගල්ල ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.