Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදය අතරතුර ඇතිවූ උණුසුම් හුවමාරුවක නිරත වූ චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රිවරුන් දෙදෙනා විවාදය අවසන් වනතුරු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා විසින් වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර පවතින ගැටලුව විසඳෙන තුරු තමන් මාස 3ක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විශේෂ ප්‍රකාශ කරමින් මේ බව පැවසුවා.