Spread the love


නිමල් රාජපක්ෂ-

රාගම දුම්රිය ස්ථානයේ පැය තුනක කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගමන් කිරීමට පැමිණි මගින් තිස් දෙකක් අත්අඩංගුවට ගත් බව රාගම දුම්රිය ආරක්ෂක සේවාවේ කාර්යභාර නිලධාරි එච්.එම්.පී.පිී හේරත් මහතා පවසයි.
උදෑසන 6.00 සිට 9.00 දක්වා ප්‍රවේශපත්‍ර පරික්ෂාව රාගම දුම්රිය ස්ථානයේ සිදු කල අතර කාර්යාල බලා ගමන් ගන්නා කාන්තාවන් ද ප්‍රවේශපත්‍ර නොමැතිව කොටු කර ගත් බවද හේරත් මහතා පැවසුවේය.
පැයතුනක් වැනි කෙටි කාලයකදි තිස් දෙකක් කොටු කර ගැනීමට හැකි වුයේනම් දිනකට රාගම දුම්රිය ස්ථානයෙන් පමණක් දහසකට ආසන්න පිිරිසක් දුම්රියේ හොරට ගමන් කරනු ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසුවේය.
අත්අඩංගුවට ගත් මගීන් 27 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 82080/-දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති කමින් ඇපකර තබාගෛාස් ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , සහකාර ආරක්ෂක අධිකාරී වරුන්වන කරුණානායක , ජයන්ත යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ , රාගම දුම්රිය ආරක්ෂක සේවාවේ කාර්යභාර නිලධාරී එච්.එම්.පී.පිී හේරත් මහතා සේවා ස්ථාන රැසක නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැටලිම සිදු කළහ.