නිමල් රාජපක්ෂ
පසුගියදා ඇතිවු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම් දුම්රිය මාර්ගයට විශාල අලාභ හානි සිදුවිම නිසා දුම්රිය හලාවත දුම්රිය ස්ථානයේ දුම්රිය 5 ක් කොළඹට රැගෙන ඒමට නොහැකිව ගාල් කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
දිට්නා සුළි කුණාටුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග වලට දැඩි හානී සිදුවිය. පුත්තලම් මාර්ගයේ කුඩාවැව හා මාදම්පේ දුම්රිය ස්ථාන පිහිටි කඩුපිටි ඔය හරහා ස්ථාපිත කොට ඇති දුම්රිය පාළමේ ඉවුර සමඟ අඩි65 කට ආසන්න ප්රමාණයක් සම්පූර්ණයෙන් සොදාගෙන ගොස් ඇත. අද දින ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මූලිකත්වයෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය ස්ථාන කාර්යමණ්ඩලය සේවකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් ශ්රමදාන වැඩසටහනක් ක්රියාත්මක කල අතර එහිදි එම සෝදාගෙන ගිය ස්ථානට වෙත ගල් ඔසවාගෙන ගොස් දැමීම සිදු කිරීම සිදුවිය.
මෙම ස්ථානය කඩිනමින් පිලිසකර කරන්නේ නම් හලාවත දුම්රිය ස්ථානය වෙත පුත්තලම් මාර්ගයේ ධාවනය කටයුතු සිදු කල හැකි වන අතර විශේෂයෙන්ම හලාවත දුම්රිය ස්ථානයේ නවතා ඇති දුම්රිය 5 ක් ද දුම්රිය ගමනාගමනයට එක් කිරීමට හැකිවනු ඇත.
