Spread the love


නිමල් රාජපක්ෂ-
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අලුතින් ලබා ගන්නා මගීන්හට ලබා දෙන පෝල්ඩරය නිකුත් කිිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුනට අනුමැතිය ලබා නොදීම නිසා දුම්රිය මගීන් දහස් ගණනක් දැඩි අපහතාවයට පත්වි ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.
අලුනින් වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා මගියකු අයදුම් පත පුරවා සාම විනිසුරුවරයකු සහතික කළ ජායාරූප දෙකක් සමගින් රුපියල් 300/මුදලක්
දුම්රිය ස්ථානාධිවති ට ලබා දුන් විට මගියා රස්තියාදු නොකොට ඒ මොහොතේම ෆෝල්ඩරය ලබා දීමට හැකිවනු නොඅනුමානයි.
ඒම ක්‍රමවේදය අනුගමනය නොකරන්නේ පෝල්ඩර හදන අංශයේ නිලධාරින්ට අතිකාල නොමැතිවන බැවින් බවට තොරතුරු ලැබී ඇතැයිද සුමේධ සෝමරත්න මහතා පැවසුවේය.
මේ සදහා නිසි ක්‍රමවේදයක් බලධාරීන් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ වනවිට දුම්රිය ස්ථාවලින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සදහා අයදුම් පත් බාර නොගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් පමණක් අදාල අයදුම් පත් බාර ගැණේ. අනික් සියලුම් දුම්රිය ස්ථානවලින් අයදුම් පත් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
අප කල විමසිමකදි ගම්පහ දුම්රිය ස්ථානයෙන් 2021 වසරේ සිට මේ වනවිට වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සදහා දුම්රිය මුලස්ථානයට ලබාදුන් පන්දසක් පමණ තිබෙන බවත් ඒවාට මෙතෙක් පෝල්ඩර් එවා තැතැයිද පැවසුවේය.
එඩේරමුල්ල දුම්රිය ස්ථානයේන්ද එ් ආකාරයේම ප්‍රකාශයක් කලේය.
කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සදහා දුම්රිය මගීන්ට හැකි උපරිමයෙන් පහසුකම් ලබා දිය යුතුවෙයි . බස්ගාස්තු ඉහළ යාමත් සමගින් දිනෙන් දින මගිීන් දුම්රියේ ගමන් කිරීමට යොමුවන අවස්ථාවක මගිීන් අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් දුම්රියට හොද ආදායමක් ලබා ගැනීමට හැකි වනු නොඅනුමානයි.
ප්‍රවාහන ඇමති බිමල් රත්නායක මහතාගේ හා දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගේ අවධානය මේ පිළිබද යොමු වන්නේ නම් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් නොවන ඇත. මගීන් මීට වඩා වැඩි පිිරිසක් දුම්රියේ ගමන් කිරීමට යොමුවනු නොඅනුමානයි.