Spread the love

මාවනැල්ල පදියදුර ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

එම ප්‍රදේශයේ ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේ දී පුද්ගලයකුත් තියුණු ආයුධයකින් පොලිසියට පහර දීමත් සමඟින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

පොලිසියට පහරදීම සිදුකළ පුද්ගලයාගේ පියා මෙසේ වෙඩි වැදී මියගොස් තිබේ

පහරදීමෙන් තුවාලවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුද මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පහරදීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.