Spread the love


නිමල් රාජපක්ෂ –

..

පොසොන් උත්සව සමයේ අනුරාධපුර පුද බිම ආසන්නයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් ලක්ෂ තුනක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 23 දෙනෙකු අනුරාධපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
පොසොන් උත්සව සමය වෙනුවෙන් බැතිමතුන්ගේ පහසුව සදහා අනුරාධපුර පුජා භූමිය අව ට සියළුම සුරාසැල් මේ මස 19 වැනිදින සිට 24 දක්වාවු කාලසීමාව තුළ වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා නියෝග කොට තිබේ.
එම නියෝගයට අනුව බැතිමතුන්හට ඉතා පහසුවෙන් වන්දනාමාන කිරිමට අවස්ථාව සලසාලමින් මැදවච්චිය ,රබෑව , සාලියපුර ,,විජයපුර හා අනුරාධපුර යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුම් වලදි මෙම මත්ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගත් බව උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් එස්.කේ .වනිගතුංග මහතා පවසයි.


මෙහිදි මත්පැන් නිෂ්පාදනාගාර 5ක් වටලා කසිප්පු මිලි ලීටර් 47750 ක්, , දගරයක් පෙරණ උපකරණ තොගයකද, සාලියපුර, විජයපුර හා රබෑව ප්‍රදේශයෙන් ගංජා ජාවාමරමේ නිරත සැකකරුවක් දෙදෙනකු සමගින් ගංජා ග්‍රෑම් 350 ක්ද,කිසිප්පු ලඟ තබාගෙන සිටි සැකකරුවන් 15 දෙනෙකු,නීති විරෝධී සිගරැට් 12 ක් ලග තබාගෙන සිටි පුද්ගලයකු රබෑව ප්‍රදේශයෙන් ද කොටු කර ගැනීමට සමත්වු බවද එස්.කේ වනිගතුංග මහතා පැවසුවේය.
මෙහිදි ගංජා සමගින් අත්අඩංගුවට ගත් සැකකරුව්න් ඊයේ (19) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගත් සැකකරුවන් හට මහේස්ත්‍රාත්වරයා රුපියල් 20.000/ දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
ඉතිරි සැකකරුවන් ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිිරීමට නියමිතය.
උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් එස්.කේ වනිගතුංග මහතාගේ උපදෙස් මත .කැබිතිගොල්ලැව සුරාබදු ස්ථානාධිපති ඒ.ජී.ඒ .බන්දුල මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු පරික්ෂක ලියනගේ , නියාමකවරුන්ව නිමාශ, සිතාර , රංජිත් , චානුක, රියදුරු පැතුම් යන නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.