.
පෝලන්ත ජාතික නිදහස් දිනය (National Independence Day) සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වූ විශේෂ සැමරුම් උළෙල පසුගියදා කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහභාගී වූ අතර, නවදිල්ලියේ පිහිටි පෝලන්ත තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී ආචාර්ය පියෝටර් ඇන්ටනි ගොලෙබියෙව්ස්කි මහතා (Dr. Piotr Antoni Golebiewski) ඇතුළු පෝලන්ත නියෝජිත පිරිසක් ද විවිධ රටවල තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සඳහන් කළේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා රජය සහ සමස්ත ජනතාව වෙනුවෙන් පෝලන්ත ජනාධිපතිවරයාටත්, පෝලන්ත රජයට සහ ජනතාවටත් උණුසුම් සුබපැතුම් පිරිනමන බවයි.
1957 වසරේදී ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ අතර, මේ වන විට දෙරට අතර වසර 69ක සාර්ථක මිත්‍රත්වයක් ගොඩනැඟී ඇති බවත්, 2027 වසරේදී එම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
1999 වසරේ සිට ශ්‍රී ලංකාව වෝර්සෝ නුවර සිය තානාපති කාර්යාලය පවත්වාගෙන යන අතර, පෝලන්තය ද ශ්‍රී ලංකාවේ ගෞරවනීය කොන්සල්වරයකු (Honorary Consul) පත් කිරීමට පියවර ගනිමින් සිටීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන සාකච්ඡා සාර්ථකව පවත්වා ඇති අතර, එවැනි තවත් සාකච්ඡාවක් ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, පෝලන්ත විදේශ අමාත්‍ය රාඩොස්ලාව් සිකෝර්ස්කි (Radosław Sikorski) මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නීතිපතිවරයා වෝර්සෝ නුවර සංචාරය කරමින් උදර්පණ ගිවිසුම (Extradition Agreement) සහ අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය නීතිමය සහාය ලබාගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වී ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී පෝලන්ත පොලිස් නියෝජිත පිරිසක් ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
දෙරට අතර පවතින ආර්ථික හා වෙළෙඳ සබඳතා පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2024/2025 වර්ෂයේදී පෝලන්තය ශ්‍රී ලංකාවේ 30 වැනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්වූ බවත්, එම කාලසීමාව තුළ පෝලන්තය වෙත සිදුකළ සමස්ත අපනයනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 82.4ක් වූ බවත් සඳහන් කළේය. එමෙන්ම, පෝලන්තය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 23.4ක වටිනාකමකින් යුත් ලංකා කළු තේ (Ceylon Black Tea) අපනයනය කර ඇති බව ද පැවසීය. GSP+ වෙළෙඳ සහනය උපයෝගී කරගනිමින් දෙරට අතර අගය එකතු කළ අපනයන, වරාය සහ සැපයුම් සේවා ක්ෂේත්රයන් තවදුරටත් පුළුල් කිරීමට විශාල අවස්ථාවක් පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සංචාරක ක්ෂේත්රය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණි මිලියන 2.3කට අධික සංචාරකයින් අතරින් පෝලන්ත සංචාරකයින් 50,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බවත්, සංචාරකයින් පැමිණීමේ රටවල් අතර පෝලන්තය 12 වැනි ස්ථානය හිමිකරගෙන ඇති බවත්ය.
එමෙන්ම, ඩිජිටල් පරිවර්තනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, පාලන හා විගණන පද්ධති, හරිත තාක්ෂණය, තිරසාර නගර සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්රයන්හි පෝලන්තය විසින් ලබාදෙන තාක්ෂණික සහාය ශ්‍රී ලංකා රජයේ ඇගයීමට ලක්වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
උත්සවය අමතමින් අදහස් දැක්වූ පෝලන්ත තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී ආචාර්ය පියෝටර් ඇන්ටනි ගොලෙබියෙව්ස්කි මහතා (Dr. Piotr Antoni Golebiewski) සිය කථාව ආරම්භ කිරීමට පෙර පෝලන්තයේ ක්රැකෝව් නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ආරාධනා කළේය.
“
