නිමල් රාජපක්ෂ–
බදු වංචා කරමින් බීඩි කර්මාන්තයේ නිරත හයදෙනෙකු වටලා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී එන්.ඒ පේමරත්න මහතා වෙත ඊයේ(2) ඉදිරිිපත් කිරීමෙන් පසු අදාල බලපත්‍ර ලාභීන් හට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ විසි එක්දාස් හත්සිය අනුපහක සමළු ගාස්තුවක් ගෙවන ලෙස නියම කලේය.
කොළඹ ,බිබිල ,මාතර හා අකුරුස්ස යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී අදාල බීඩි කර්මාන්තයේ නිරත ස්ථාන හයක් වටලා බදුවංචා කරමින් ජාවාරමේ නිරතව සිටියදි දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් වලදි තෙන්ඩු කොල කිලෝ 915 ක් , බීඩි 3806685 ක් සොයා ගත් බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් පවසයි.
බිඩි කර්මාන්ත සදහා බලපත්‍ර ලබා ගෙන සිටියද මොවුන් බදු ආදායම් වංචා කරමින් ඉතා රහසිගතව බිඩි ජාවාරම කාලයක් තිස්සේ සිදු කර ගෙන ගොස් ඇතැයිද සුරාබදු නිලධාරින් පවසයි.
සුරාබදු කොමසාරිස් සුම්ත් චන්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරීවරුන්වන වසන්ත සමරසිංහ , කේ . ආරියපාල යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් , දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක පි. මංජුල ලියනආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු පරික්ෂක ජයකොඩි , සැරයන් ජයන්ත ප්‍රේමකුමාර, කෝප්ප්රල් වරුන්වන 980 ඉන්දික , 1108 හර්ෂනාත් , රියදුරු ලක්මාල් යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
