Spread the love

මුල්කිරිගල , ගුණරත්න

තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් රැදවියෙකු (29) උදේ 10.30 ට පමණ බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් තිබේ.
පලාගිය රැදවියා තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචි 30 හැවිරිදි අයෙකු බවත් ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ චෝදනාවට ඉකුත් 28 දා තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ රදවා සිටි රැදවියෙකු බවත් පොලිසිය පැවසීය .
කකුලේ ඇති තුවාලයකට ප්‍රතිකාර ලබා දීමට රැදවියා බන්ධනාගාර නිළධාරින්ගේ රැකවල් මැද රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදි රැදවියා වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා එහි ගොස් පසුව පලාගොස් ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
තංගල්ල මූලස්ථාන පොලිසිය පලාගිය රැදවියා අත් අඩංගුවට ගැනිමට පරීක්ෂණ පවත්වයි.