නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා රජයේ මුදල් ප්‍රතිපාදන මත ක්‍රියාත්මක දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්රතිසංස්කරණ්ය කිරීමේ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්ලැක්පූල් – අඹේවෙල – පට්ටිපොල – හෝර්ටන්තැන්න (B 512) මාර්ගයේ කිලෝමීටර් 16 මීටර් 300 ක් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කිරීම ඊයේ (2026.11.22) නිල වශයෙන් ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන හෝර්ටන්තැන්නට පිවිසෙන ප්‍රධානතම මාර්ගය වන මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතාගේ සහභාගිත්වයෙනි. මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2,143.5 කි.
බ්ලැක්පූල් – අඹේවෙල – පට්ටිපොල – හෝර්ටන්තැන්න මාර්ගයේ කි. මී. 5+200 – 12+000 දක්වා කොටස සංවර්ධනයට රුපියල් 791,681,996.67 ක් ද කි. මී. 12+500 – 18+000 දක්වා කොටස සංවර්ධනයට රුපියල් 744,680,423.80 ක් ද කි.මී. 19+000 – 23+000 දක්වා කොටස සංවර්ධනයට රුපියල් 607,149,242.74 ක් ද වැය කෙරේ.
නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ ආර්ථිකයට අතිශයින් වැදගත් මෙම මාර්ගයේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් නිරන්තරව පැමිණෙන අඹේවෙල ගොවිපල, නිව්සීලන්ඩ් ගොවිපල පිහිටා ඇති අතර අඹේවෙල දුම්රිය ස්ථානයද මෙම මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
සමස්ත මාර්ග ව්‍යාපෘතිය මාස 18ක කාලයක් ඇතුළත එනම් 2028 මාර්තු මාසය අවසන් වීමට ප්‍රථම නිම කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආශා ෆොන්සේකා යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයෝ ද ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්යක්ෂ ඩී.එම්. දසනායන,මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු (නුවරඑළිය) සී.එස්. සමරනායක, විධායක ඉංජිනේරු (නුවරඑළිය) සහ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු මනෝජ් හේරත්, ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රංග දේවප්‍රිය,ව්‍යාපෘති උපදේශක ඉංජිනේරු අසංක ප්රියකැලුම් ප්‍රධාන මෙහෙයුම් නිළධාරි මාධව ගංගොඩගම, ව්‍යාපෘති කළමනාකරු- අසේල බණ්ඩාර යන මහත්වරු ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඉදිකිරීම් සමාගම වන Asset Engineering (Pvt.) Ltd. නියෝජනය කරමින් නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
