Spread the love

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා කියන දේ ගනන් ගන්නේ නෑ’ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පාර්ලිමේන්තු මැතිවරණය ජනපතිවරණයට පෙර පවත්වන්නේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වාගැනීමට අවශ්‍ය පොහොට්ටුවට. ඔවුන් ජනපතිවරණයකදී ලබන අන්ත පරාජයේ බලපෑම පාර්ලිමේන්තු ඡන්දයකදී ඔවුන්ට අහිතකර ලෙස බලපාන නිසයි පොහොට්ටුව පාර්ලිමේන්තු ඡන්දය මුලින් පවත්වනවාට කැමති. නමුත් රටේ පැත්තෙන් බැලුවොත් රටට කරන් පුලුවන් ලොකුම විනාශය තමයි ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීම.

නිතර හමුවෙන එකෙන් පේන්නේ බැසිල් මහත්තයාගේ වුවමනවාව ඉටුවෙලා නෑ කියන එකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා කියන දේ ගනන් ගන්නේ නෑ. අනේ අපිට එහෙම කරන්න එපා අපි නේද ඔයාව ජනාධිපති කලේ කියාගෙන හැමදාම ගිහින් ජනාධිපතිතුමන්ව හමුවෙනවා.

ඔබට මතක ඇති අමාත්‍යමණ්ඩලයට පොහොට්ටුවෙන් 10 නම් කරලා නම් ලයිස්තුව යැව්වේ 2022 ඔක්තෝම්බර් මාසයේ. මේ දහදෙනා ඇමතිමණ්ඩලයට නම් නොකොලෙත් පොහොට්ටුව විපක්ෂයේ වාඩිවෙනවා කිව්වා. වාඩි වුනා ද? නෑ. අද පොහොට්ටුවේ සැබෑ නායකයා බැසිල් රාජපක්ෂ මහත්තයා නොව රනිල් වික්‍රමසිංහ මහත්තයායි. පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් ඉන්නේ ජනපති එක්ක.