නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී සිදුවු අනතුරින් 6 මිය ගොස් ඇත.
හෙලිකොප්ටර් යානය අද උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටී තිබුණි.
අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 12 ක් දෙනෙකු ගුවන් යානයේ ගමන් කර තිබිණ
අනතුර සිදුවීමත් සමගින් ඹවුන් සියළු දෙනාම මුදා ගැනීමෙන් පසුව මුලික ප්‍රතිකාර සදහා අරනගන්විල රෝහලට ඇතුළු කර තිබේ. පසුව වැඩි දුර ප්‍රතිකාර සිදු කිරීම සදහා පොලොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබේ.
එහිදි හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරවන් දෙදෙනා සහ යුධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතර දෙනකු ඇතුලුව 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්වි තිබේ.
අනතුර පිළිබදව වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා 9 දෙනෙකුගෙන් යුතු විශේෂ පරීක්ෂණ කමිටුවක් ගුවන් හමුදාපති තුමන් පත්කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් එරන්ද ගීගනයේ මහතා පවසයි