නිමල් රාජපක්ෂ
බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (water Aerodrome ) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද ( 03/ දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කරණු ලැබේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ- කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබේ. කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව හට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ උදා වනු ඇත.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ක්‍රියාත්මක කරන ලදී. එහි ප්‍රධාන ගුවන් නියමු ලෙස කපිතාන් ඉන්දික ප්‍රේමදාස මහතා සහ සහයක නියමු ලෙස ඉසුරු මුණසිංහ මහතා සහභාගි විය.
වීඩියෝව නරඹන්න“
“අපි ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වනවා. Cinnamon Air වගේ සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා පලාලි වගේ ගුවන් තොටුපොල වලටත් දේශී ය ගුවන් වාර ආරම්භ කරන්න එන්න කියලා. අපි ආණ්ඩුවක් වශයෙන් ඔබට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට බැදී සිටිනවා” යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.
