Spread the love

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක 16 හැවිරිදි හිමිනමකට කිසියම් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී නැවත විහාරස්ථානයට ගෙනැවිත් දමා ගොස් සිටියදී හමු වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ හිමිනම ප්‍රතිකාර සදහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

පහර කෑමට ලක් වූ හිමිනම වැඩ වාසය කළ විහාරස්ථානයේ පිළිම කිහිපයක් අස්ථාන ගත වීමක් සම්බන්ධයෙන් මෙලෙස පහර දී ඇතැයි හිමිනම හංවැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.

පිළිම අස්ථාන ගත වීම පිළිබදව එම විහාරස්ථානයේම වැඩ සිටින හිමිනමකගේ අනුදැනුම මත පිරිසක් විසින් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා යැයි කියමින් තමාව නිවසකට රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් බව ද අදාළ පැමිණිල්ලෙහි සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව හංවැල්ල පොලිසිය පවසයි.