Spread the love

ඉතිරි ජනාධිපතිවරණයෙන් තමන් ජයගත් පසු පළාත් සභා මැතිවරණය මේ වසර අග පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පැවති ක්‍රමය යටතේම එම පළාත් සභා මැතිවරණය පවත්වන බවද හෙතෙම පැවසීය.

ජනතාවගේ විශ්වාසය දිනාගෙන 13 වන ව්‍යවස්ථා සංශෝධනයද ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා එම සංශෝධනය යටතේ ඇති පළාත් සභාද අනිවාර්ය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

යාපනය ප්‍රදේශයේදී පැවති සක්වල වැඩසටහනක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.