නිමල් රාජපක්ෂ
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා මුහුදු කාලපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇති අතර, ඒ යටතේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු උර තොගයක් සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙණ තවත් බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එම බහුදින ධීවර යාත්‍රා, 2026 මාර්තු මස 12 වැනි දින දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, නාවික හමුදා භාරයට ගත් උර තුළ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ අටකට (478) අධික තොගයක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ හයකට (176) අධික තොගයක්, යාන්ත්‍රික ගිනි අවි තුනක් (03) හා පැති අවි අටක් (08) සහ සන්නිවේදන උපකරණ ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය හා අවි ආයුධ තොගය නිරීක්ෂණය සඳහා ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහභාගී විය.
