Spread the love

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සැකකරුවන් 5 සමගින් සිය භාරයට ගෙන ඇත.

ඒ, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදීයි.

එම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40 ක පමණ තොගයක් ඇති බවට සැක කෙරෙන බවයි නාවික හමුදාව පැවසුවේ.

අදාළ බහුදින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරික්ෂාවට ලක් කර ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි.