පාසල් සිසු සිසුවියන් පිරිසක් වැලිමඩ ප්‍රදේශයේ අත්හැරදමන ලද පාළු ගොඩනැගිල්ලක මත්පැන් සාදයක් පැවැත්වමින් සිටියදි ලද තොරතුරකට අනුව සිසුන් පිරිස වැලිමඩ පොලිසීය මගින්අත්අඩංගුවට ගෙන ඇත..
එහිදී අදාළ පාළු ගොඩනැගිල්ලේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පස්දෙනෙකු සහ පාසල් සිසුවියන් දෙදෙනෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවට ඇත.
පොලීසිය පවසන්නේ මෙම පාසල් සිසු සිසුවියන් එම අවස්ථාව වනවිටත් අධික මිල ගණන් යටතේ අලෙවි වන මත්පැන් පානය කරමින් සිට ඇති බවය.
ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් උපකාරක පන්ති වෙත පැමිණෙන බව සඳහන් කරමින් මෙම පාලු ගොඩනැගිල්ල වෙත පැමිණ මත්පැන් සාදයක් සංවිධානය කළ බවය.
එම ගොඩනැගිල්ලේ ඉබි යතුරු කඩා මෙම පිරිස ඒ තුළට පිවිස ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
වැලිමඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.