නිමල් රාජපක්ෂ
කඩුවෙල හෝමාගම , කොලොන්නාව , මහරගම හා කොට්ටාව යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් 379 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් පහලොස් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට ශ්‍රි ජයවර්ධනපුර සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
මෙම සැකකරුවන් මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රියෙල් මස 30 දක්වා වු කාලය තුළසිදු කල වැටලීම් වලදී කොටුකර ගත් අතර ඹවුන් සන්තකයේ තිබී රුපියල් 7 80 500 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවු බව ශ්‍රි ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති චන්දන කස්ත්‍රිආරච්චි මහතා පැවසුවේය.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 2 ක්, නිති විරෝධි මත්පැන් ළග තබාගෙන සිටි සැකකරුවන් 98 ක්, රටබීම අලෙවි කිිරීමට සදහා ළග තබාගෙන සිටි සැකකරුවන් 15 ක් , හෙරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 16 ක්, විදේශීය සිගරැට් ළ ග තබා ගෙන සිටි සැකකරුවන් 45 ක්, ගංජා ලග තබාගෙන සිටි සැකකරුවන් 10 ක් ,අරක්කු ලග තබාගෙන සිටි195 ක් , මහරා ලග තබාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙකු කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
මෙහිදී සැකකරුවන් කඩුවෙල , අලුත්කඩේ හා ගංගොඩවිල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් පහලොස් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට හැකිවී තිබේ.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සමත්ත කොස්තා මහතාගේ උපදෙස් මත , ශ්‍රි ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති චන්දන කස්ත්‍රිආරච්චි මහතාගේ අධික්ෂණය යටතේ , සුරාබදු පරික්ෂක වරුන්වන රෝහන, ලක්මාල් , චාන්දනී යන මහත්වරු ඇතුලු නිලධාරින් මෙම වැටලිම් සිදු කළහ.
