නිමල් රාජපක්ෂ-
සිංගප්පූරුවේ පැවති 2027 APEX FTE ප්‍රදර්ශනයේදී (2027 APEX FTE EXPO), ශ්‍රීලංකන් ගුවන් සේවය මධ්‍යම සහ දකුණු ආසියාවේ හොඳම ගුවන් යානා විනෝදාස්වාදය (APEX Best Entertainment in Central and Southern Asia) සඳහා වන සම්මානය යළිත් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් සේවය සමත් විය.
සිය ‘APEX තරු හතරේ ප්‍රධාන ගුවන් සේවය’ (APEX Four-Star Major Airline) යන ශ්‍රේණිගත කිරීම ද ස්ථාවරව පවත්වාගෙන යාමට සමත් විය. ගෝලීය ප්‍රමිතීන්ට අනුව ඉහළම පෙළේ ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීමට ගුවන් සේවය සතු හැකියාව මෙම ද්විත්ව ඇගයීම මගින් පිළිබිඹු වේ.
ලොව ප්‍රමුඛතම සංචාරක සැලසුම්කරණ යෙදවුමක් (travel-organising app) වන ‘TripIt by Concur’ හරහා සිදුකරන ලද ගුවන් මගී ඡන්ද මිලියනයකට අධික සංඛ්‍යාවක් පදනම් කරගෙන පිරිනැමෙන APEX සම්මාන යනු ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සංගමයක් වන Airline Passenger Experience Association (APEX) විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මාන උළෙලකි. මෙම සම්මාන උළෙලේදී ලොව පුරා ගුවන් සේවා 600කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කෙරෙන අතර, ආසන පහසුව, මැදිරි සේවාව, ආහාරපාන, විනෝදාස්වාදය සහ Wi-Fi ඇතුළු මගී අත්දැකීමේ ප්‍රධාන අංශ සහ භූගෝලීය කලාප අනුව තෝරාගැනීම සිදුකෙරේ.
