මහව සිට අනුරාධපුරය දක්වා ඉදිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර පවසයි.
පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක වන එම සංඥා පද්ධතිය ඉදි කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 15 ක වියදමක් වැයවෙයි..
ඉන්දීය නියෝජිතයින් සමග තමා ඉන්දියාවේදී ඒ පිළිබද සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉන්දියානු ණය ආධාර අනුව අදාළ සංඥා පද්ධතිය මෙරටට ලැබෙනු ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කලේ.
