Spread the love

නිමල් රාජපක්ෂ-

අද(13) දින, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී.

මම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (100-150) ක පමණ තද වැසි ඇති විය හැකියි.