Spread the love

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය නැවත ධාවනාගාරය බලා යමින් සිටියදී කොල්ලුපිටියේදී ඊයේ රාත්‍රි පීලි පැනීමත් සමගින් අද උදෑසන මුහුදු බඩ මාර්ගයේ ධාවනය වු සියළුම කාර්යාල දුම්රියයන් ප්‍රමාදවී ධාවනයට කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

මේ හේතුව නිසා උදෑසන කොළඹ කොටුව සිට මුහුදුබඩ මාර්ගයේ ධාවනයට සැලසුම් කොට ඇත්තේ පෙරවරු 06.50 ට සහ 08.30 ට බෙලිඅත්ත බලා ධාවනයවු දුම්රිය දෙක පමණයි.


මුහුදුබඩ මාර්ගයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන වන දුම්රිය ධාවනය වුව ද සුලු ප්‍රමාණයක් සහිතව ධාවනය වේ. එමෙන්ම උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් ද මේ වන විට අවලංගු කොට ඇතැයි ද කසුන් චාමර මහතා පැවසුවේය.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළදී පීලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට බරපතල හානි සිදු වී ඇත. මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් දුම්රිය පීලි ගත කිරීමට යුහුසුළුව කටයුතු කෙරෙන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.