නිමල් රාජපක්ෂ
2023 සහ 2024 වර්ෂවලදී වාහන අංක තහඩු සඳහා ඉල්ලුම් කර, ඒවා මෙතෙක් ලබා නොගත් සියලුම වාහන හිමිකරුවන් 2026 ජුනි මස 30 වන දිනට පෙර නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගතයුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසයි.
වාහන අංක තහඩු නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව , අනිකුත් දිස්ත්‍රික්ක වලින් ලබා ගතයුතු වාහන අංක තහඩු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙතත් පැමිණ ඒවා කඩිනමින් ලබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරුණිකව දැනුම් දෙයි.
මේ පිළිබඳව කිසියම් විමසීමක් හෝ අමතර තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම්, අංශය: වාහන අංක තහඩු අංශයේ 011-2033333 දුරකථන අංකය ඔස්සේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැක.
