Spread the love

මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පිඩනයට ‍ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එය රෝග රැසකට මුල් වන රෝගයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ.

අධි රුධිර පීඩනය වැළඳීමෙන් වැළකීමට යහපත් ආහාර රටාවක් ඇතුළු නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

තම රුධිර පීඩනය වරින් වර මැන, නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගය හේතුවෙන් සිදුවන හදිසි මරණ වළක්වා ගත හැකි බවයි වෛද්‍ය සමින්ධි සමරකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.