මුල්කිරිගල ගුණරත්න
.
මෙම වසරේ මේ වසරේ පළමු මාස හයේ දී ශ්රි ලංකාව තේ කිලෝ මිලියන 126.08 ක් අපනයන කර ඇති බවත් එය පසුගිය වසර 4 ක කාලයකදී මාස හයක් තුළ අපනයනය කළ වැඩිම තේ කිලෝ ගණන බවත් මෙරට ප්රමුඛ පෙලේ වෙළඳ භාණ්ඩ තැරුව්කාර සමාගම විශ්ලේෂණය කළ රේගු දත්ත වාර්තා පෙන්වා දෙන බව පවසයි.
ශක්තිමත් ඉල්ලුම නිෂ්පාදන වල ඉහළ ගුණාත්මකබාවය සහ ප්රධාන වෙළඳපොළ වලට සිදුකරන නැව් ගත කිරීම් ඉහළ යෑම තේ කර්මන්තය ලබාගෙන ඇති ප්රගතියටත් හේතු වී ඇතැයි එම සමාගම පවසයි.
පසුගිය ජුනි මාසයේ දී පමණක් කිලෝග්රෑම් මිලියන 23 ක තේ ප්රමාණයක් ශ්රි ලංකාව අපනයනය කර ඇති බවත් එය පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව 11% වර්ධනයක් බවත් එම දත්ත පෙන්වා දෙයි. එම ඉහළ යෑම හේතුවෙන් ශ්රි ලංකාව මෙම වසරේ පළමු මාස හය තුළ අපනයනය කළ තේ කිලෝග්රෑම් ප්රමාණය මිලියන 126.08 ක් ඉහළ ගොස් ඇති අතර ඒ පසු ගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව 6% වර්ධනයක් බව වාර්තාවේ.
පසුගිය වසරේ පළමු මාස හය තුළ ශ්රි ලංකාව තේ කිලෝග්රෑම් මිලියන 119.01ක් අපනයනය කර තිබුණි. මෙම වසරේ පළමු මාස හයේ දී ශ්රි ලංකාව සිදු කළ තේ අපනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 743 ක් උපයාගෙන ඇති අතර එය 2014 වසරින් පසුව වසරේ පළමු මාස හය තුළ ලබාගත් වැඩිම ආදායම වේ.
