නිමල් රාජපක්ෂ
මෝටර් රථ දෙපාරතුමේන්තුවේ අල්ලස දුෂණ්‍ය හා සිදු වන අක්‍රමිකතා වැලැක්වීම සදහා අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටවු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
අල්ලස දුෂණය මෙරටින් තුරන් කිරීමේ අරමුනින් නව රජය ගෙනයන වැඩ සටහනට සමගාමීව රටේ ප්‍රධාන ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කිරිමට සමගාමිව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේත් පිහිටවු බවද කමල් අමරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
මෙසේ පිහිටවු ඒකකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා හා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන කොමසාරිස් (සංවර්ධන) පි. දිසානායක යන මහත්ම මහත්මීන් අතින් විවෘත වුණි.
මෙම ඒකකය පිහිටුවීමේ දෙවන අරමුණ වනුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා, අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණි ලබා ගැනීමට මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමය. මෙහිදී මහජන පැමිණිලි ලබා ගැනීමට මෙන්ම මහජන අදහස් යෝජනා විශ්ලේෂණය කර ඒ සම්බන්ධව කඩිනම් පියවර ගැනීම ද මෙම ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා කෙරේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බාහිර හා අභ්‍යන්තර සේවාලාභීන් තෘප්තිමත් කිරීම මෙම ඒකකයේ ප්‍රධාන අරමුණයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි අතර දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති යෝජනා හා පැමිණිලි ලබා ගන්නා පෙට්ටි වලටද අදාළ පැමිණිලි යොමු කිරීමට සේවාලාභීන්ට මින් අනතුරුව අවස්ථාව හිමිවෙයි.