පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් කොටි හිතවාදී ගීත කීපයක් නිකුත් කර ඇති බවත් ඉන් එකක ජාතික නායකයාගේ ප්‍රතිමාවක් යාපනයේ වැල්වටිතුරේ ඔහු උපන් ගමේ ඉදිකිරීමට පොරොන්දු වෙන බවත් සඳහන් ආණ්ඩු පක්‍ෂ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමාරන් සිය ෆේස්බුක් ගිණුමේ පලකර ඇතැයි Tamil Guardian පුවත් පත වාර්තා කරයි.
එසේම එම ගීතයෙන් ප්‍රභාකරන්ගේ මව නමින් වරායක් ඉදිකරන බවත් ප්‍රකාශ කොට තිබේ.
ආණ්ඩු පක්‍ෂය හා දෙමළ ජාතික නායකයන්ගේ ප්‍රතිපත්තිය එකක් බව ද එම ගීතයෙහි සඳහන් වේ.
කෙසේ වෙතත් අදාල වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් අබේසිංහ මහතා පැවසුවේ දෙමළ ජාතිවාදය සහ කොටි සංවිධානය සමඟ සමීපව සම්බන්ධ වී ඇති දෙමළ භාෂා ප්‍රචාරක ගීත උතුරු නැගෙනහිර පළාත්වල නිකුත් කිරීම තම පක්‍ෂයේ කටයුත්තක් නොවන බවයි.
උතුරු නැගෙනහිර තරුණයින් කිහිප දෙනෙකු විසින් නිර්මාණය කරන ලද සමහර වීඩියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන්ගේ ෆේස්බුක් ගිණුමේ ටැග් කර ඇති බවත් හෙතෙම පැවසීය.
තම පක්‍ෂයට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන්ට එම වීඩියෝ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු කියා සිටී.
අදාල වාර්තාව මෙතනින්..