Spread the love

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් එන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳ​ව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහුට ඒක පාර්ශවීයව “යාළුවා යාළුවා” යැයි කියමින් සිටිය හැකි වුවත්, සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ.