නිමල් රාජපක්ෂ –
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ් ඊයේ ( 22) ජාතික රණවිරු දිනයට සමගාමීව බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද වෛද්‍ය සායන මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී.
57 පාබල සේනාංක භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන මෙම වෛද්‍ය මධ්‍යස්ථානය, දන්ත වෛද්‍ය සහ අනෙකුත් වෛද්‍ය පහසුකම් වලින් සමන්විත වන අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සෑම සිකුරාදා දිනකම සේවා සැපයීමට නියමිතයි.
