You Tube ක්‍රියාකාරිකයකු වන සුදත්ත තිලකසිරි මහතාට ලබා දී තිබූ පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ බුද්ධි අංශ වාර්තාවක් මත පදනම්ව බව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.
වාර්තාවට අනුව, තිලකසිරි මහතාට මේ වන විට කිසිදු තර්ජනයක් නොමැති බව තහවුරු වී ඇත.
තිලකසිරි මහතා තමාට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන ඇති බව පවසමින් කලින් කළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂක විධිවිධාන සපයා තිබූ බවද අදාළ උසස් නිලධාරියා සඳහන් කළේය.
