නිමල් රාජපක්ෂ
දිට්වා කුණාටුවෙන් හානියට පත් බජජොමුව දුම්රිය බෝක්කුවට දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් සේවකයින් යුධ හමුදා නිලධාරී්න්ගේ සහාය ඇතිව යළි යථා තත්ත්වයට පත්කිරීම නිසා හෙට සිට රඹුක්කන හා කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය සුපුරුදු පරිදි ධාවනය කෙරේ.
ඒ අනුව හෙට දිනයේ ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ උදය වරුවට දුම්රිය 24 ක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.

