Spread the love

නිමල් රාජපක්ෂ –

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.45 ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ප්‍රමාදව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාව වෙත ලඟා වීමේ දී අද දින සවස 04.50 ට පමණ එම දුම්රියේ එක් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇත.

රඹුක්කන බලා ධාවනය විමට තිබු දුම්රිය අටවැනි වේදීකාවෙිදී පිලි පැනීමකට ලක්විය.

මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා හතරක් අවහිරව ඇති අතර කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය වල ප්‍රමාදයක් සිදුවි ය හැකිය.