නිමල් රාජපක්ෂ-
සේවක වැටුප් හා දීමනා සඳහා වැයවන මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට බරක් නොවී සංස්ථාව විසින් ම සපයා ගැනීම සුවිශේෂීයි
රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම, ඵලදායී, සහ ජනතා හිතෛෂී සේවාවක් බවට පරිවර්තනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව, දීර්ඝ කාලයක් මුළුල්ලේ රාජ්‍ය දැව සංස්ථාව මුහුණ දී තිබූ දැඩි මානව සම්පත් හිඟයට තිරසාර විසඳුම් ලබා දෙමින් නව පත්වීම් ප්රදානය කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (31) රාජ්‍ය දැව සංස්ථා ‘සප්ත පරිසර මණ්ඩපයේදී’ පැවැත්විණ.
2,308ක් වූ රාජ්‍ය දැව සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම හේතුවෙන් ආයතනික කාර්යයන් කළමනාකරණය කිරීම දැඩි අභියෝගයක්ව පැවතිණි. එම තත්ත්වය සමනය කරලීම සඳහා 2025 සහ 2026 වර්ෂවල කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව බඳවා ගැනීම් ක්‍රියාවලිය විධිමත් ලෙස ක්‍රියාත්මක කෙරුණි.
ඒ අනුව, 2025 සහ 2026 වසර තුළදී අනුමත කරන ලද තනතුරු 43කට අදාළ පුරප්පාඩු 195ක් සඳහා සේවකයින් බඳවා ගැනීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇත.
මෙම සියලු බඳවා ගැනීම් සහ ස්ථිර කිරීම් සමඟ සංස්ථාවේ සමස්ත සේවක සංඛ්‍යාව 1,474ක් දක්වා යාවත්කාලීන වන අතර, සියලු සේවක වැටුප් හා දීමනා සඳහා වැයවන මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට බරක් නොවී සංස්ථාව විසින්ම උපයා ගන්නා ආදායමෙන් සපුරා ගැනීමට කටයුතු කිරීම සුවිශේෂී වේ.
හරිත ආර්ථිකයක් සහ පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී මානව සම්පත් කළමනාකරණය ඔස්සේ සංස්ථාව ලාභ ලබන සහ රටේ දැව අවශ්‍යතාව තිරසරව සපුරාලන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
