Spread the love

ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.


එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.


ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.