Spread the love

නිමල් රාජපක්ෂ-

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස මහතා පත් කරනු ලැබ තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස බී. සනත් පූජිත, ඊ. ආර්. වීරකෝන්, ආර්. කේතීස්වරන්, ජේ. එම්. ආර්. ජයසුන්දර, ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ, වෛද්‍ය එස්. ඒ. ඒ. එන්. ජයසේකර සහ එම්. එච්. මොහමඩ් සමීල් යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම මහත්ම මහත්මීන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (09) පස්වරුවේ භාරදෙන ලදී.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ධූර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති සාමාජික ධූර වෙනුවෙන් අදාළ පත්  වීම් සිදුකර තිබේ.