Spread the love

නිමල් රාජපක්ෂ
කොළඹ මරදාන සිට ගාල්ල බලා ධාවනය වීමට තිබු රාත්‍රී තැපැල් දුම්රිය , මාළිගාවත්ත දුම්රිය අංගනය සිට මරදාන දුම්රිය ස්ථානයට ධෘවනය වීමේදී එම දුම්රිය මාර්ග දෙකක ගොස් ඇත

මෙසේ පීලි මාරු කරන ස්ථානයකදී මාර්ග දෙකක දුම්රිය ගොස් ඇත්තේ අද (21) සවස 6.30 ට පමණය . මේ හේතුව නිසා දුම්රියයන් කිහිපයට ප්‍රමාදයක් සිදු වී තිබේ.
මෙම දුම්රිය රාත්‍රී 7.30 කොටුව දුම්රිය ස්ථානයෙන් ගාල්ල බලා ධාවනය වීමට නියමිතව තිබුනි.
නමුත් මේ මොහොත වන විටත් එම දුම්රිය එක් මාර්ගයකට ගැනීමට කටයුතු සිදු කරමින පවතින බව දුම්රිය‌ දෙපාර්තුමේන්තුව පවසයි. මෙසේ මාර්ග දෙකක ගාල්ල බලා ධාවනය වන දුමරිය ගමන් කිරීම නිසා ගාල්ල බලා රාජකාරි නිමවී නිවෙස් බලා ගමන් කීරිමට සිටින මගීන් දැඩි අපහසුතාවය කට පත්වි තිබෙන බවට මැසිවිලි නගති