Spread the love

මුල්කිරිගල ගුනරත්න

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු ඊයේ (02) දහවල් තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් පොලිසිය පවසයි .

හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ නඩුවකට අදාලව මියගිය රැදවියා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදි උන රෝගයක් වැළදී ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ.

ජීවිතක්ෂයට පත් රැදවියා ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි සුදේශ් සම්පත් සමරවීර නමැති අයෙකි .

මොහුගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) තංගල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි

සිද්ධිය පිළිබදව අගුණකොලපැලැස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .