Spread the love

අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් පසුගිය කාලයේ කොළඹ නගරයේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුන බැවින් නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වාදෙයි

මාර්ග අනතුරු අවම කරගැනීම සහ රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම නව ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂාකෙරේ.

මෙම මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගි කරගත් මෘදුකාංගයක් හඳුන්වා දීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි. 

මෙම නව මෘදුකාංගය මගින් කොළඹ නගරය තුළ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් කොළඹ ප්‍රධාන CCTV මෙහෙයුම් මැදිරියේ CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කෙරේ.

අනතුරුව එම වරද රියදුරා පදිංචි පොලිස් වසමේ පොලීසියට දැනුම් දී රියදුරුට අදාළ දඩකොළ ලබාදීම සිදුවෙයි