නිමල් රාජපක්ෂ-
ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ වැඩසටහන අද (07) රුහුණ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
පසුගිය ඔක්තෝබර් 10වෙනි දින පැවති ඇස් පරීක්ෂා කිරීමේ සායනයේදී හඳුනාගත් සිසු සිසුවියන් 458 දෙනෙකු වෙත මෙහිදී ඇස් කණ්නාඩි ප්රදානය කෙරිණි.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කර ඇති අතර අද රුහුණ විශ්වවිද්‍යාලයේදී ක්‍රියාත්මක වූයේ එහි දෙවන වැඩසටහනයි.
මෙම වැඩසටහන සඳහා මහා බ්‍රිතාන්‍යයේ Stroud Rotary Club සහ Wish Foundation යන ආයතන අනුග්‍රාහකත්වය සපයයි.
ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික සම්මානිත මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගුත්තිල ජයසිංහ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක මහාචාර්ය සරත් වන්නිආරච්චි යන මහත්වරු සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ, සිසු සිසුවියන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
