ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා සඳහා විශ්‍රාමික රියැදුරන් හා කොන්දොස්තරවරුන් යළි සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
කොන්දොස්තර හා රියැදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධා මතුව ඇති බවත්, පවතින සේවක හිඟයට පිළියමක් වශයෙන් මෙම තීරණයට එළැඹී බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
ඒ අනුව, අවුරුදු 65 ට අඩු විශ්‍රාමික රියැදුරන් හා කොන්දොස්තරවරුන් මෙලෙස යළි සේවයට බඳවා ගන්නා බව ද, ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.