අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා සැපයීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට දින 06 ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව එහි සභාපති සජීව නන්දන කනගරත්න පවසයි .
පසුගිය 11 වැනිදා ලංගම ඉතිහාසයේ වැඩිම දෛනික ආදායම ඉපයූ දිනය ලෙස වාර්තා වූ අතර, එම සංඛ්‍යාව රුපියල් මිලියන 213 ක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මේ අතර, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ සහ ප්‍රධාන නගර කරා පැමිණීම සඳහා ක්‍රියාත්මක විශේෂ ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
